
What makes a good brand book?
Facebook කියන්නෙ Active Users බිලියන ගණනක් ඉන්න ලොකේ තියන ලොකුම Social Media Platform වලින් එකක්. ඉතින් උනන්දුවක් තියන ඕනම කෙනෙක්ට ගොඩ යන්න පුලුවන් හිතාගන්න බැරි තරම් Opportunities තියනවා. අපි හරියට කලොත් මේකෙන් ගොඩක් හොඳ ආදායමක් අපිට ලබාගන්න පුලුවන්. අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා, ඇත්තටම Facebook වලින් මුදල් උපයන්න පුලුවන්ද කියන එක. ඒකට උත්තරය තමා ඔව්! FB එකේ බය නැතුව බහින්න පුළුවන් Business කිහිපයක් ගැන මං කියන්නම්.
1. Facebook Monetization මගින්
Facebook ආයතනය මගින් එයාලගෙ Content Creators ලාට එයාලගෙ Content monetize කරල මුදල් උපයන්න අවස්තාව ලබාදීලා තියනවා. ඔයත් Content Creator කෙනෙක් නම්, ඔයාටත් මේ ක්‍රම වලින් මුදල් උපයන්න පුලුවන්:
– Instream Ads
– Brand Collaborations
– Instream Ads Live
– Stars
– Fan Subscriptions
Instream Ads
Meta අපිට දීලා තියෙන හොඳම Option එකක් තමා Instream Ads කියන්නේ. ඔයා Video Create කරන Content Creator කෙනෙක් නම්, ඔයාට Instream Ads Try කරන්න පුලුවන්. දැන් තියෙන AI Trend එකත් එක්ක ඔයාට පහසුවෙන් Content Creation කරගන්න පුලුවන්. මේකට ඔයාට Article ලියන්න, Video Script හදාගන්න, Content Research කරන්න වගේ ගොඩක් දේවල් වලට ChatGPT, DeepSeek, Claude, Gemini වගේ AI පාවිච්චි කරන්න පුලුවන්. ඉතින් ඔයා හදාගත්ත Script වලට Images, Videos Generate කරගන්න Google Image FX, Kling AI, QwenAI වගේ Platform පාවිච්චි කරන්න පුලුවන්. ඔයා හොඳ Creative එකක් තියන කෙනෙක් නම්, ඔයාට මේ AI Tools එක්ක ලොකු වැඩක් කරගන්න පුලුවන්.
හැබැයි අපේ Page එකට Instream Ads ගන්න අපිට මේ Requirements ටික සම්පූර්ණ කරන්න ඕනී:
1. Followers ලා 5,000 ඉන්න ඕනී.
2. වීඩියෝ වොච් ටයිම් මිනිත්තු 600,000 තියෙන්න ඕනී.
3. Eligible Country එකක් වෙන්න ඕනී (මේකට ඔයාට පිටරට ඉන්න කෙනෙක් Admin දාන්න ඕනී වෙනවා).
2. වෙනත් පුද්ගලයන්ගේ දැන්වීම් Page එකේ පලකරලා
ඔයාට හොඳ Reach එකක් තියෙන Page එකක් තියනවා නම්, වෙන කට්ටියගෙ Ads ඔයාගෙ Page එකේ දාලා ඒකෙනුත් හොඳ ආදායමක් ලබාගන්න පුලුවන්.
3. Facebook වලින් Products විකිණීම
අපේම භාණ්ඩයක් හෝ AliExpress වගේ වෙබ් අඩවියකින් ආනයනය කරන ලද භාණ්ඩයක් අපේ Facebook Page එක හරහා අලෙවි කරන්න පුලුවන්. ශ්‍රී ලංකාව තුළ ඕනම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් එකක් තමා මේක. මේකෙන් ඇත්තටම හොඳ ආදායමකට යන්න පුලුවන් අපිට. මේකට හොඳ Product එකක් තෝරගෙන හොඳ Facebook Ad Campaign එකක් කරලා හොඳ Sales එකක් ගන්න පුලුවන්.
ඒ වගේම තමා FB Marketplace එකත් Try කරන්න පුලුවන් ඔයාලට. මේකෙදි ඔයාගේ Product එකට හරි Service එකට හරි නිකන්ම Promotion එකක් ලැබෙනවා. වගේම ගොඩක් Buyers ලා හොයාගන්නත් ලේසියි.
4. Affiliate Marketing
Affiliate Marketing කියන්නෙ අපි තවත් කෙනෙකුගේ භාණ්ඩයක් විකුණලා දීලා ඒක හරහා Commission එකක් අරගන්න එක. මේක හරිම සරලයි. ඔයා Sell කරන්න ආස Products වලට ගැලපෙන FB Page එකක් හදලා, Affiliate Links ඒකේ දාන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට කවුරුහරි ඒ Link එකකින් Product එකක් Buy කරොත්, ඒ ගානෙන් ලොකු Percentage එකක් ඔයාට ලැබෙනවා.
5. Social Media Manager
ඔයාට ඔයාගෙම Business එකක් කරන්න වෙලාව නැත්නම්, ඇයි ඒ වගේ Business එකක් කරන කෙනෙක් එක්ක එකතුවෙලා ඔයා Side Income එකක් ගන්න Try නොකරන්නේ? ඔයාට තියෙන්නේ එයාලගේ Social Media Accounts Manage කරන එක විතරයි. ඔයා ගොඩක් වෙලා නිකන් FB එකේ ගතකරන කෙනෙක් නම්, මේ වගේ වැඩකට බැස්සොත් ඔයාගේ සාක්කුවටත් හොඳයි, ඔයාටත් හොඳයි.
මේ වගේ තවත් දේවල් කරන්න පුලුවන්. ඇත්තටම ඔයාට Creative Ideas තියනවා නම්, ඕනි තරම් මාර්ග හොයාගන්න පුලුවන්. මේ කියපු ක්‍රම වලින් ඕනිම කෙනෙක්ට ඉක්මනින් සහ පහසුවෙන් ආරම්භ කරන්න පුලුවන් Facebook Product Selling. ඉතින් මේ ගැන Detailed Post Series එකකින් කතා කරන්නම්.