How to know if the product is profitable enough?

March 19, 2025

මම මේ post එකේදී කතා කරන්න යන්නේ අපි sell කරන්න තෝරාගත්ත product එකක් විකුණන්න හොඳ profitable product එකක් ද කියලා validate කරගන්නේ කොහොමද කියලා. අපි මේකෙදී validate කරගන්න ඕනී අපි තෝරාගත්ත product එක තව sellersලා sell කරනවාද කියලා සහ ඒකට හොඳ demand එකක් තියනවාද කියලා check කරන එක.

මේකට අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ Meta Ad Library එක. මේ හරහා අපිට පුළුවන් අපේ competitorsලා එයාලගේ ad campaign කරන්නේ කොහොමද කියලා analysis කරලා බලන්න පුළුවන්. ඒවගේම එයාලගේ post වලට ලැබිලා තියන engagement (like, comment) එක අනුව අපිට ඒ product එකට තියන ඉල්ලුම සහ demand එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එකම product එක sellersලා කිහිපයක් දෙනෙක් sell කරනවා නම්, අපිට හිතාගන්න පුළුවන් ඒ product එකට හොඳ ඉල්ලුමක් තිබෙන බව. ඒ වගේම තමයි අපේ competitor කෙනෙක් එකම product එකකට අදාළව ad campaign එකක් සෑහෙන කාලයක් run වෙනවා නම්, ඒක අපිට positive sign එකක්. මේ product එක profitable සහ හොඳ ඉල්ලුමක් තියන බව, මොකද හොඳ demand එකක් සහ profit එකක් නැත්නම් කිසිම කෙනෙක් එකම product එකට මාස කීපයක් ad run කරන්නේ නැහැනේ. මේ වගේ special points හරහා අපිට පුළුවන් අපිට මේ product එක sell කළොත් හොඳ ආදායමකට යන්න පුළුවන් ද කියලා තීරණය කරන්න සහ දළ අවබෝධයක් ලබා ගන්න.

ඒ වගේම තමයි අපිට පුළුවන් මේ සඳහා Daraz website එක පාවිච්චි කරන්න. මේ හරහා අපි sell කරන්න යන similar products වලට තියන ඉල්ලුම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ විදියට අපිට අපේ product එක validate කරගන්න පුළුවන්. කිසිම research එකක් නැතුව business එක කරන්නේ නැතුව හොඳ research එකක් කරලා මේ business එකට ආවොත්, ඕනිම කෙනෙකුට පාඩු අවම කරගෙන හොඳ ආදායමකට යන්න පුළුවන්.

ඉතින් මම හිතනවා product validation එකට අපි Meta Ad Library එක පාවිච්චි කරන්න ඕනී ඇයි කියලා ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟ post එකෙන් අපි කතා කරමු ඇයි අපි Meta Ad Manager එක භාවිතා කරලා ad campaign එකක් කරන්න ඕනී කියලා.

Leave a Comment