How can You start Facebook product selling business?

March 19, 2025

Facebook Product Selling Business එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද ඔයත්? එහෙනම් මේ Post එක ඔයා වෙනුවෙන්මයි!

මේ Post එකේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ, අපි කොහොමද Facebook Product Selling Business එකක් පටන් ගන්නේ කියලා. ඉතින් මන් කලින් Post එකේදී කතා කලා අපිට Facebook එකෙන් මුදල් උපයන්න පුලුවන් විදිහ ගැන. ඒ Post එක කියවපු නැති කෙනෙක් නම්, මුලින්ම ඒක කියවලා එන්න.

හරි, අපි කතාවට බහිමු දැන්!

මේ Business Model එකේදී වෙන්නේ අපි යම්කිසි Product එකක් Facebook Advertising පාවිච්චි කරලා අලෙවි කරලා මුදල් උපයන එක. අපි Facebook Advertising පාවිච්චි කරන නිසා, අපිට Customers අපි ලගට එනකම් ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා අපිට Sale එකක් වෙන්නැති වෙයි කියලා බය වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපිට තියෙන්නෙ හොඳ Product එකක් තෝරගෙන, Customerට විශ්වාසය ඇතිවෙන විදියට Product එක Advertising කරලා Sale එක කරන්න විතරයි. මෙතනදී ඔයා පුළුවන් තරම් Genuine වෙන්න ඕනී.

1. අපි කොහොමද Sell කරන්න Products හොයාගන්නේ?

ඔයාට මේකට භාවිතා කරන්න පුළුවන් විදි දෙකක් තියනවා:

– පළමු ක්‍රමය: Alibaba වගේ Site එකකින් ඔයාට අවශ්‍ය Product Import කරන එක. මේ ක්‍රමය ඇත්තටම වාසිදායක වෙනවා. අපිට ගොඩක් අලුත්, හොඳ, Trending Products ලංකාවට ගෙනෙල්ලා Sell කරන්න පුලුවන්.

– දෙවන ක්‍රමය: ලංකාවෙ ඉන්න Resellers ලගෙන් බඩු මිලදී අරගෙන Sell කරන එක.

2. මොන වගේ අයටද මේ Business එක පටන් ගන්න පුලුවන්?**

ඔයා මොන මට්ටමක ඉන්න කෙනෙක් උනත්, කලින් එකෙක් Online Business කරලා අසාර්ථක උන කෙනෙක් උනත්, ජොබ් එකක් කරන කෙනෙක් උනත්, කිසිම ප්‍රශ්නයක් නැතුව මේ Business එකෙන් සාර්ථක වෙන්න පුලුවන්. හරි Product එකක් තෝරගෙන, හරි විදියට Facebook Ad Campaign එකක් Run කලොත්, ඔයාට බලාගෙන ඉද්දි Sales එන්නෙ. අනිවාර්යෙන්ම මේ Business එකෙන් Success වෙන්න, ඔයාට උනන්දුව සහ කැපවීම කියන දෙකම තියෙන්න ඕනී.

3. Facebook Selling පටන් ගන්න ඔයාගෙ අතේ කීයක් තියෙන්න ඕනීද?

මේ Business එකේදී මූලිකවම ඔයාට දේවල් 3කට මුදල් වියදම් වෙනවා:

1. බඩු මිලදී ගැනීමට

2. Facebook Advertising

3. Packaging

එතකොට ඔයාගේ Initial Investment එක, ඔයා මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන Product Price එක සහ Quantity එක මත වෙනස් වෙනවා.

උදාහරණයක්:

– ඔයා රු. 300 Resell Price එකට තියන Product එකකින් 50ක් මිලදී ගත්තා කියලා හිතමු ආරම්භයේ.

– ඔයාගේ Advertising Cost එක, එක Product එකක් Sell කරන්න රු. 200 නම්, සම්පූර්ණ Advertising Budget එක රු. 10,000 වෙනවා.

– ඔයාගේ Packaging වලට රු. 1,000 දැම්මොත්, ඔයාට ආසන්නව රු. 26,000 වගේ මුදලක් වැය වෙනවා.

ඉතින් දැන් ඔයාට තේරෙන්න ඇති, ඔයා මිලදී Sell කරන Product එකත් එක්ක වෙනස් වෙනවා. ඔයාට පොඩි මුදලකින් උනත් මේක ආරම්භ කරන්න පුලුවන්.

මන් ඊළඟ Post එකෙන් කතා කරන්න යන්නෙ Sell කරන්න හොඳ Product එකක් තෝරගන්නේ කියලා. ඔයත් Side Income එකක් හදාගන්න උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම්, මේ පොස්ට් එක තව කෙනෙක්ට බලන්න Share කරන්න!

Leave a Comment