
Facebook එකේ product sell කරන ගොඩක් දෙනෙකුට තියන ප්රශ්නයක් තමයි sell කරන්න හොඳ product එකක් තෝරාගන්නේ කොහොමද කියන එක. මම මේ post එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ අපි කොහොමද හොඳ profitable product එකක් තෝරාගන්නේ කියලා.
Using Online Market Places:
ඔයාට පුළුවන් Daraz, Kapruka වගේ online product sell කරන market places පාවිච්චි කරලා trending products හොයාගන්න පුළුවන්. ඔයාට මේ වගේ sites පාවිච්චි කරලා e-commerce search trends සහ මිනිසුන්ගේ shopping interest වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ profitable products හොයාගන්නත් පුළුවන්.
Google Trends:
අපිට පුළුවන් Google Trends පාවිච්චි කරලා trends, seasonal trends හොයාගන්න පුළුවන්. මේ trends හරහා අපිට පුළුවන් මිනිස්සුගේ කැමැත්තක්, interest එකක් තියන products හොයාගන්න.
Social Media and Meta Ad Library:
ඒ වගේම තමයි අපිට පුළුවන් Facebook, TikTok වගේ social media වල හොඳ research එකක් කරලා මිනිස්සු වැඩිපුර sell කරන සහ buy කරන products ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් Meta Ad Library හරහා අනිත් sellersලා sell කරන products ගැන හොයාගන්න. මේ හරහා අපිට පුළුවන් sell කරන්න හොඳ profitable products හොයාගන්න.
අපි ඊළඟ post එකෙන් කතා කරමු කොහොමද හරියට තෝරාගත්ත product එකට හොඳ market research එකක් සහ competitor analysis එකක් කරන්නේ කියලා. මේ post එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න.