How to run a market research and competitor analysis right?

March 19, 2025

මේ post එකේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයා business එක පටන් ගන්න කලින් market research එකක් සහ competitor analysis එකක් කරන්න ඕනි ඒකේ වැදගත්කම. ඔයාගේ business එක කොච්චර දුරට success වෙනවද කියන එක රඳාපවතින්නේ අපි product එක sell කරන්න යන market එක ගැන අපි කොච්චර educated ද කියන එකෙන්.

Market Research:

අපිට market research එකකින් consumer behavior ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මිනිස්සු මොන වගේ products වලටද interest එකක් තියෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් අපේ business strategy එක ඒ විදියට වෙනස් කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි අපිට පුළුවන් hidden opportunities හොයාගන්න සහ අපි market එක දිහා බලන picture එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.

Risk එක අවම කරගන්න අපිට පුළුවන්. මොකද අපි market එක ගැන හොඳ අවබෝධයකින් තමයි sell කරන්න product තෝරාගන්නේ. ඒ වගේම customer ට value එකක් නැති product sell කරන එක අවම කරගන්න. අපිට risk එක අවම කරගන්න පුළුවන්.

Competitor Analysis:

Competitor analysis එකක් තුළින් අපිට පුළුවන් pricing strategy ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. මේක අපිට ලොකුවටම උදව් වෙනවා අපි sell කරන්න යන product එකේ price එක තීරණය කරනකොට. එතකොට අපිට පුළුවන් අපේ competitorsලා similar products වලට දාලා තියන prices analysis කරලා අපේ product එකේ price එක තීරණය කරන්න.

ඒ වගේම තමයි අපිට අපේ competitorsගේ marketing strategies analysis කරගන්න පුළුවන්. ඒ සමග අපිට පුළුවන් competitorsලා target කරන customer pain points අදුරගන්න, ad creative ගැන අවබෝධයක් ලබා ගන්න, සහ ඒ අනුව අපේ marketing strategy එක හදාගන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි කිසිම වෙලාවක copy කරන්න එපා. ඔයාගේම unique විදියකට business එක කරගෙන යන්න.

ඉතින් මේ post එකෙන් ඔයාලට අවබෝධයක් එන්න ඇති market research සහ competitor analysis එකේ වැදගත්කම. ඉතින් අපි ඊළඟ post එකෙන් කතා කරමු කොහොමද අපි තෝරාගත්ත product එක validate කරගන්නේ කියලා. මේ වගේ වැදගත් education post බලන්න අපේ Devsmark Education page එක follow කරන්න.

Leave a Comment